ගාසා තීරයේ ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන්

ගාසා තීරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන‍ෙ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

තවද රෝගීන් දිනෙන් දින වැඩි වන බවද එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය සඳහන් කරයි.

ගාසාවේ කුසගිනි අර්බුදය මෙතරම් දරුණු මට්ටමකට කිසි කලක පැමිණ නැති බවත්, ගාසා තීරයට ලැබෙන ආධාර මට්ටම අවම බවත්,එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.‍

තවද මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ ගාසා තීරයේ ජනගහනයෙන් විශාල කොටසක් “කුසගින්නෙන් පෙළෙන” බවයි.

පසුගියදා ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා වෙත ගිය සංචාරයකදී, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් අවධාරනය කළේ තම රට “ජාත්‍යන්තර නීතියට අනුව” මානුෂීය ආධාර ලබා දෙන බවයි.