හිටපු ඇමැති පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.

1936 ඔක්තෝබර් 1 වන දින උපත ලැබූ පෙටිකිරිගේ දයාරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයකි.

ඔහු ප්‍රථම වරට 1977 දී එක්සත් ජාතික පක්ෂය (එජාප) යටතේ අම්පාර මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඒ මහතා සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍යවරයා ඇතුළු තනතුරු රැසක් දරා තිබුණි.