සැප්තැම්බර් මාසයේ මහ බැංකු පොලී අනුපාත ගැන පුරෝකථන

අගෝස්තු 1 වන දින අවසන් දිනයෙන් පසුවද එක්සත් ජනපද තීරුබදු සියයට 30 මට්ටමේ පැවතුනහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය තවත් පදනම් ඒකක 25කින් අඩු කරනු ඇතැයි බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරනවා.

පසුගිය 23 වැනිදා ප්‍රතිපත්ති පොලී අනුපාතය වත්මන් පොලී අනුපාතයේම පවත්වා ගැනීමට මහ බැංකුව ගත් තීරණයට අනුකූලව, ඉදිරියේදී ඇති විය හැකි වර්ධන-උද්ධමන මිශ්‍රණය සැලකිල්ලට ගෙන, අතිරේක ලිහිල් කිරීම් ආනයන සඳහා අධික ඉල්ලුමක් ඇති කළ හැකි බැවින් මහ බැංකුව තවදුරටත් ලිහිල් කිරීමට අවශ්‍ය නොවන බවයි එම සඟරාව සඳහන් කරන්නේ.

රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බැවින් ඩොලර්-ණය සේවාකරණය නැවත ආරම්භ කිරීමත් සමග විදේශ විනිමය සංචිත සිඳී ගොස් රුපියලට හානි කරනු ඇති බව එහි සඳහන්.

තවද, ණය අනුපාත අඩු වීම හේතුවෙන් පෞද්ගලික අංශයට ණය ඉහළ යමින් පවතින අතර, සංචාරක ව්‍යාපාරය යළිත් වර්ධනය වෙමින් පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති මූල්‍ය ඉලක්කවලට ඇලී සිටීමට රජය සමත් වීම නිසා ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණු වී ඇති බවත්, එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.