ලෝක ආහාර වැඩසටහනේ මාතලේ වැඩසටහන් නිරික්ෂණයට

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
අමාත්‍යංශයට අනුබද්ධව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින්
ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සංවර්ධන වැඩසටහන්
ලෝක ආහාර වැඩසටහනේ (WFP) ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අනිටා
හිට්ච් ( Anita Hitch) මහත්මියගේ නිරික්ෂණයට ලක් වුවාය.
මේ වසරේ ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට රුපියල්
මිලියන 1250ක සංවර්ධන ආධාරයක් ලැබී ඇති බවද මෙහිදි
අනාවරණය විය.
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, බුද්ධශාසන,
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර
දිසානායක ඇතුළු සහ නිලධාරීන් පිරිසක් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන
වැඩසටහන් පිලිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මාතලේ දිස්ත්‍රික්කයේ මේ වන විට ගෙවතු වගා පාසල් පෝෂණ
වැඩසටහන ,සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන පාසල්
මුළුතැන්ගෙය ව්‍යාපෘතිය ,සබලකෘත සහල් පෝෂණ වැඩසටහන
,ආහාර සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ,අනුවර්තනය සඳහා
උපරිමතාව වැඩසටහන ,ජාතික ත්‍රිපෝෂ වැඩසටහන ශක්තිමත්
කිරීම ,දැනුම් කළමනාකරණය හා පදනම් තොරතුරු ජනනය
(පර්යේෂණ හා සංවර්ධන) යන ප්‍රධාන වැඩසටහන් මෙමගින්
ක්‍රියාත්මක කරණු ලැබේ.

මෙහිදී නාවුල, ගලේවෙල සහ අංකන්ද ප්‍රදේශයන්හි ක්‍රියාත්මක
ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන
පාසල් පෝෂණ ව්‍යාපෘතිය, ගෙවතු වගා ව්‍යාපෘතිය, ගෘහාශ්‍රිත
බිත්තර නිශ්පාදනය සඳහා කුකුළු ගොවිපල ව්‍යාපෘති ආදී වශයෙන්
ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කෙරුණි.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා
සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, ලෝක
ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා
හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ති පෙරේරා ඇතුළු
නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.