චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම ලබන වසරේදී පාකිස්ථානයේ නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව හරහා විද්‍යුත් වාහන මෙන්ම හයිබ්‍රිඩ් වාහනද එකලස් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ලෝකයේ විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා ලෙස සැලකෙන BYD, මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව මඟින් වසරකට වාහන 25,000ක් නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.