ජනාධිපති අනුර සඳුදා මාලදිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජූලි 28 සිට 30 වැනිදා දක්වා මාලදිවයිනේ රාජ්‍ය චාරිකාවක නිරත වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.