ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න විශේෂ විමර්ශන කමිටුවක්

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේත් සිදුවී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමුවූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී, අදාළ ආයතනවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම සිදුවීම් පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලු‍ කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ කමිටුවට දැනුම් දී තිබෙනවා.