පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා මීට සුළු මොහොතකට පෙර මතුගම අධිකරණය වෙත පැමිණ තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ බෑනා සොයා නිවාස දෙකක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොශෙල් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක්ද දවස් කිහිපයකට පෙර ආරම්භ කර තිබුණි.