රුපියල් මිලියන 12ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්වයි වැටලීම සිදුකර තිබෙන්නේ.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට ගත් බවයි සඳහන්.
සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.