පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 දක්වා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට  නියමිතයි.