දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට

දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අගෝස්තු 05 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (24) රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 06 වැනිදා පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබෙනවා.