දෙහිවලදී සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි

දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සිදුකිරීමට ගිය වෙඩි තැබීමක් ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වීම නිසා ව්‍යර්ථ වී තිබෙනවා.

ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයෙකුට දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී එලෙස වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කර සිටියා.