ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 03 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ( Yusuf Tekin ) මහතා ඇතුළු දූත පිරිස අද (24 )අලුයම දිවයිනට පැමිණ ඇත.
වෙළෙඳ , වානිජ ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී ඔවුන් පිළිගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා මෙරට තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතාද එක් විය.
වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති වානිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන මෙම සමුළුව කොළඹ දී අද පැවැත්වේ.
එහිදී දෙරට අතර වෙළෙඳ , ආයෝජන , සංචාරක , අධ්‍යාපන , තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගනනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව අල්ලස , දූෂණයෙන් තොර රටක් වශයෙන් කටයුතු කිරීම අගය කළ තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා තුර්කි රාජ්‍යය දිගු කළක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහයෝගය දක්වමින් සිටින බවද පැවසීය. දිගු කලක් තිස්සේ මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තුර්කි රජය ලබාදෙන සහයෝගය මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය ආර්.එමජයවර්ධන මහතා විසින් ඇගයිමට ලක් කරනු ලැබීය.
දෙදින නිල සංචාරයක් සදහා පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ සිටියේය.