වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 159 දෙනා හොඳ කථිකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔවුන්ට ඉඳහිට කවියක් දෙකක් වැරදුණද, ඔවුන් හොඳ කථිකයන් බවත්, කවි වරද්දා ගත්තාට කම් නැති බවත්, නමුත් වැඩ වරද්දා නොගන්නා ලෙසයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
2048 දී රට සංවර්ධනය කිරීමට නායකයන් පැමිණි බවද, තවත් ජනාධිපතිවරයෙක් 2032 ට ගොස් ඇති බවද ඔහු පවසනවා.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ චේතනාව යහපත් වුවද, වැඩ බැරි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.