මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපයේ වසංගතයක් සේ ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
මේ වනවිට චිකුන්ගුන්යා රෝගය යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි එම සංවිධානය පවසන්නේ.
එම වෛරස අවදානම පවතින රටවල් 119ක බිලියන 5.6ක පමණ ජනගහණයක් සිටින බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
මීට පෙර 2004 – 2005 වසරවලදී චිකුන්ගුන්යා ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිර ගිය බව සඳහන්.
එවකට රෝගය වැළඳුණු පිරිස 500,000ක් පමණ බවද වාර්තා වනවා.
මෙම වර්ෂයේ මුල සිට වත්මන් චිකුන්ගුන්යා රෝග ආරම්භය වී තිබෙනවා.
ලා-රීයුනියන්, මයොට් සහ මොරිෂන් යන ඉන්දීය සාගරයේ කුඩා දිවයින් රාජ්‍යවල රෝග ව්‍යාප්තිය දක්නට ලැබී තිබෙනවා.
මේ වනවිට එම වෛරසය මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාවට ද පැතිරෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.
ඒඩීස් මදුරු විශේෂ හරහා බෝවන චිකුන්ගුන්යා රෝගය තද උණ, සන්ධි වේදනාව සහ දිගුකල් පවතින දුබලතා ලක්ෂණ සහිතයි.