කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙන බව සඳහන් වෙනවා.

ඊයේ (23) රාත්‍රියේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ‘වග’ දක්වා සීමා කර තිබුණා.

එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියේ