අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පස්වරුවේදී මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
අපවත් වී වදාළ අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබෙනවා