උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් සඳහන් කළේ.
අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල්වලට මෙම ප්‍රශ්න පත්‍රය ලබා දී තිබුණු අතර, එය පසුව නිවැරදි කිරීමට පියවර ගත් බවයි සමන්ත කුමාර ජයලත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.