ලංකාවේ පාස්පෝර්ට් එක ඉදිරියට එයි

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මීට පෙර එම දර්ශකයේ 96 වැනි ස්ථානයේ පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, නවතම යාවත්කාලීන කිරීම අනුව 91 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමත් සමගයි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී දත්ත මත පදනම් වූ හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශකය, ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ට වීසා අවශ්‍යතාවයකින් තොරව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව ලොව පුරා ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරනවා.

මෙම 2025 දර්ශකයේ පතුලේම ඇෆ්ගනිස්ථානය රැඳී සිටින අතර, සිංගප්පූරුව ඉහළම ස්ථානය රඳවාගෙන සිටිනවා.

2025 දර්ශකයේ කැපී පෙනෙන වෙනස්කම් අතරට එක්සත් රාජධානියේ (UK) සහ එක්සත් ජනපදයේ (US) පහත වැටීමක් ද ඇතුළත් වන අතර, ඒවා දැන් පිළිවෙලින් 6 වැනි සහ 10 වැනි ස්ථානවලට පත්ව තිබෙනවා.
2014 දී ඉහළම ස්ථානයේ සිටි එක්සත් ජනපදය, දර්ශකයේ වසර 20ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට 10 වැනි ස්ථානයට පත්ව තිබීම සැලකිය යුතු තත්ත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව විශාලතම පිම්ම වාර්තා කර ඇති අතර, එය ස්ථාන අටකින් 85 වැනි ස්ථානයේ සිට 77 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ට දැන් ගමනාන්ත 59කට ප්‍රවේශ විය හැකියි