පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ