නුගේගොඩ ගුවන්පාලම උඩ අද (23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසු අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් අනතුරුව මෙම තරුණයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු 21ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.