තීරු බදු අඩුකර ගැනීම සඳහා අද අමෙරිකාව සමග තවත් Online සාකච්ඡාවක්

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (23) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.දෙපාර්ශ්වයේ අවසන් එකඟතාවලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙරට අපනයන සඳහා 44%ක් ලෙස ප්‍රකාශයට පත්කළ අනෝන්‍ය ගැලපුම් තීරු බදු, 30%ක් දක්වා අඩු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගෙන තිබූ අතර එම තීරු බදු අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වනවා.

ඊට පෙර අම‍ෙරිකාව සමග ද්වීපාර්ශ්වීය ගිවිසුමකට එළඹීම සඳහා හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.