ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අදාළ පැමිණිල්ලක, පළමුවෙනි සැකකරු ලෙස නම් කර ඇති, දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි හෝ වරෙන්තු නිකුත් කිරීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක් ඔක්තෝබර් 01 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඔහු එවක බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි කටයුතු කළේ.
සිද්ධියේදී තුවාල ලැබූ විරෝධතාකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්දිකා කාලිංගවංස ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබුවා.