අස්වැසුම දෙවැනි අදියරට අදාළව අභියාචනා භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම කාල සීමාව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අභියාචනා 39,707 ක් ලැබී ඇති අතර විරෝධතා 3,183 ක්ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.