ඉන්දීය උප ජනපති ඉල්ලා අස්වෙයි

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ‍ය වාර්තා කරනවා.

පවතින සෞඛ්‍ය හේතුන් මත ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදී තමන් ඉල්ලා අස්වූ බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහු 2022 වසරේ සිට උප ජනාධිපති ධුරයේ කටයුතු කර තිබෙනවා.

ධුරයෙන් ඉල්ලා අස්වන විට ඔහු 74 වැනි වියේ පසුවූ බවයි එරට මාධ්‍ය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් උප ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කළ ලිපියක,

සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය දීම සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, මම මෙම උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා,” යැයි සඳහන්.