Port City තුළ බිග්බෙන් ඔරලෝසුවට වඩා විශාල ඔරලෝසුවකින් සමන්විත ද්විත්ව කුළුණු ව්‍යාපෘතියකට බදු සහන ලබාදෙයි

කොළඹ වරාය නග‍රයේ ඉදිකරන ව්‍යාපෘති කිහිපයක් සඳහා බදු සහන පිරිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති Clothespin Management and Development (Private) Limited සමාගම සඳහා මෙලෙස බදු නිදහස් කිරීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ Clothespin Towers යන නාමයෙන් යුතු කලාත්මකව සහ ගෘහ නිර්මාණ ශිල්පියෙන් සුවිශේෂී වන ද්විත්ව කුළුණු ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිත අතර මෙමගින් ලොව පිළිගත් ආයෝජකයින්, ‍ලොව ප්‍රසිද්ධ සමාගම් ආකර්ෂණය කර ගැනීමට නියමිතයි.

එසේම ගිනස් වාර්තාවක්ද පිහිටුවීමට නියමිත ලොව විශාලතම කලාගාරය සඳහාද මේ තුළ ඉඩ පහසුකම් සැලසෙන අතර තරු හතේ හෝටලයකින් හා ඉහළ තාක්ෂණයෙන් යුත් කාර්යාල පරිසරයකින්ද Clothespin Towers සමන්විත බවයි සඳහන් වන්නේ.

එසේම ලොව ප්‍රසිද්ධ බිග්බෙන් ඔරලෝසුවට වඩා විශාලත්වයෙන් යුත් මීටර් 15 ක උසින් යුත් සුවිසල් ඔරලෝසුවක් නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති අතර එයද ගිනස් වාර්තා අතරට එක් කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සමස්ත ව්‍යාපෘතිය ඇමෙරිකන් ඩොලර් මිලියන 540 කට අධික ප්‍රමාණයක ආයෝජනයක් බවට ඇස්තමේන්තු කර ඇති අතර පළමු වසර තුළ මෙයට සේවකයින් 280 දෙනෙකුද බඳවා ගැනීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් බදු නිදහස් කිරීම් ලබාදී ඇති අතර එම නිදහස්කිරීම් වලට අදාල ගැසට් නිවේදනය පහතින්.news images news images news images news images news images