අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වාර්තා අනුව ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.
ජාතික භූකම්ප විද්‍යා මධ්‍යස්ථානය (National Centre for Seismology) විදෙස් මාධ්‍යවලට සඳහන් කර තිබෙන්නේ, උදෑසන 6.00ට හර්යාණාවේ, ෆරිදාබාද් නගරය මධ්‍යස්ථානය වී ඇති රික්ටර් මාපක 3.2 තරමක භූමිකම්පාවක් සිදුවූ බවයි.
භූමිකම්පාව සිදුවී ඇත්තේ අක්ෂාංශ 28.29 උතුරු සහ දේශාංශ 72.21 නැගෙනහිරයේ පිහිටි ස්ථානයකදීයි.
එහි ගැඹුර කිලෝමීටර 5ක් බව වාර්තා වෙයි.