කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කිරීමට පියවර

ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

පරිසර අමාත්‍යාංශය විසින් කඩොලාන වනාන්තර ලෙස නම් කර ඇති මෙම වනාන්තර 08 පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති අතර, මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල A, මැරවල B, මැරවල C, මැරවල, කුසල, කරුකපනේ B යන කඩොලාන වනාන්තර මෙලෙස කඩොලාන වනාන්තර රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.