කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (21) දිනය අවසන් වන විට නව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබෙනවා.

කොටස් වෙළෙඳපොළ වාර්තා කළ අන්දමට, ASPI දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 70.38කින් (0.37%) ඉහළ ගොස්, 19,044.08ක අගයකින් අවසන්ව තිබෙනවා.

මෙය කොටස් වෙළඳපොල වාර්තා කළ නවතම ඉහළම අගය වනු ඇති.

මීට අමතරව, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.4ක් (කෝටි 540ක්) ලෙස සටහන් වී තිබෙනවා.