අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීමට ටෙන්ඩර් කොන්දේසි අලුත් වෙයි

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කළ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එසේම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් වන වමුත් ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සාකච්ජා කරන බව සඳහන් කරයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයට ඉදිරියේදී එළඹෙන බවයි.