හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත්‍රයා වන රසික විතාන පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
එම රථය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාල ජීප් රථය මිලදී ගත් බව ප්‍රශ්න කිරීම්වලදී රසික විතාන ප්‍රකාශ කර තිබෙනවා.
පොලීසිය පසුගිය 19 වැනිදා පස්වරුවේ රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බවයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ