ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලෙස අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා.
එමෙන්ම රවී සෙනෙවිරත්නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් නොකළ බවද ගාමිණි ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.
අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි ප්‍රනාන්දු පියතුමා මේබව සඳහන් කළේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී