විදුලි සේවකයින් හෙට දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

හෙට (22) දිනයේදී විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි ලංකා විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කර සිටියේ.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන අතරම, සේවකයින් විසින් ලෙඩ නිවාඩු වාර්තා කර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී හෙට මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි‍යේ.