මුම්බායි ගුවන් තොටුපළේදී Air India ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට යයි

අද (21) උදෑසන තද වැසි මධ්‍යයේ මුම්බායි ගුවන් තොටුපළට ගොඩබෑමේදී එයාර් ඉන්දියා ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ගුවන් යානය ප්‍රධාන ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති අතර, ගුවන් යානයට සුළු හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිද්ධියෙන් මගීන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙනවා.

එම සිද්ධියෙන් පසු ප්‍රධාන ධාවන පථය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.