අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අද (21) අවසන් වන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 30,000කට ආසන්න ප්රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ අභියාචනා ප්රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදිය හැකි අතර, අනතුරුව එම අභියාචනා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට යොමු කර එහිදී සමාලෝචනය කිරීමට නියමිතයි