රජය අධ්‍යාපන ක්ෂේත්රයෙහි සිදු කරන ප්‍රතිසංස්කරණ යෝජනා නිසා මෙරට දරුවන්ගේ අනාගතය විනාශ වන බවත්, ඒවා අදූරදර්ශී සහ ජනතාවගේ අපේක්ෂාවන්ට ව්‍යතිරේක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ “ගමින් ගමට, නගරයෙන් නගරයට – දොරෙන් දොරට” වැඩසටහන යටතේ රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

ඔහු පෙන්වා දුන්නේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධිය අහෝසි කිරීමට රජය ගත් තීරණය විරෝධයට ලක්වූ පසු එය ආපසු හරවාගැනීමට සිදුවූ බවයි.
අද වන විට ඉතිහාස විෂයය පද්ධතියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට උත්සාහ වන අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ඇතිවී ඇති බවත්, එය සමාජයේ බහුතරයක් හා ආගමික නායකයන්ගෙන් විරෝධය දරා ඇති බවත් ඔහු සඳහන් කරා.
ජනතාව මුහුණදෙන විදුලි බිල් ඉහළ යාම, ඉන්ධන මිල, රතු ලේබල් ඖෂධ පිළිබඳ අවදානම, විශ්‍රාමිකයන්ගේ තත්ත්වය, තරුණ රැකියා ගැටලු වැනි කරුණු පාර්ලිමේන්තුවේ ද නිරන්තරයෙන් අවධානයට ගන්නා බවත් ඒවාට විසඳුම් ඉල්ලීමේ වගකීම විපක්ෂය විසින් සිදු කරන බවයි ඔහු පැවසුවේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු විය යුත්තේ තොරතුරු තාක්ෂණය, පරිගණක, ඉංග්‍රීසි භාෂාව වැනි නව අවස්ථා සපයන ප්‍රතිසංස්කරණය බවත්, නමුත් එයට විරුද්ධව සිසු පරපුර විනාශ කරන ප්රතිසංස්කරණයක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කරා.
හිටපු ජනාධිපතිවරයා අත්සන් කළ අයි.එම්.එෆ්. ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරමින් ජනතාවට අධික බරක් දැමූ අතර, එය ජනතාවට අලාභදායක යැයි විපක්ෂය පෙන්වා දීමට විරුද්ධව යම් කණ්ඩායම් විවේචනයෙන් සිදුකරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා කිය්ටා සිටියේ.
අද වන විට රට අනාරක්ෂිත වී දිනපතා අපරාධ රැල්ල වර්ධනය වී ජීවිත නැති වී මිනිමරුවන් මංකොල්ලකරුවන් තුවක්කුකරුවන් ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත්, මේ රජයට නීතිය හා සාමය සුරක්ෂා කරන්න නොහැකි වී ඇති ඇති බවයි ඔහු පැවසුවේ.
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට රට වැසියන්ගෙන් ටියුෂන් ගන්න සිදුව ඇති වී තිබෙන බවයි ඔහු වැඩි සදුරටත් කියා සිටියේ.
මෙවැනි තත්ත්වයක් තුළ ගොවියාට පවා සහනයක් නොමැති, අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති, පොහොර හා තෙල් මිල වැඩි, ගුණාත්මක බීජ නොමැති වීම ආදී ගැටලු රැසක් ද ඇති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
වීවලට ස්ථාවර මිලක් දෙනවා කියූ මේ රජය, අද වන විට කුණු කොල්ලයට වී තැරැව්කාරයන් මිලදී ගන්නා විටන අහක බලාගෙන සිටින බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්න විවෘතව කතා කරනවා සේම එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවත් දේශපාලන කුමන්ත්‍රණ, ඩීල් නොමැති බවත් එකම ඩීල් එක සහ එකම සමාජ ගිවිසුම ඇත්තේ පොදු ජනතාව සමග බවත් එම විශ්වාසය පණටත් වඩා ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා රැස්වීම අමතමින් කියා සිටියා.