අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් ශෝක නිවේදනයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා අතිශය දුර්ලභ බවත්, අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිපාණන් වහන්සේ එබඳු දුර්ලභ, සුපේෂල, ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙරට කීර්තිමත් දහම් අධ්‍යාපන ආචාර්යවරයාණන් වහන්සේ නමක වූ උන්වහන්සේ, රටෙහි අනාගත පරපුර වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම උදෙසා මාහැඟි මෙහෙවරක නිරත වූ බවද, එසේම, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය වන, එවක අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය හිමිනමක ලෙස කටයුතු කරමින්, ලාංකේය දහම් අධ්‍යාපනික ප්‍රබෝධය වෙනුවෙන් ඉටු කළ ඉමහත් සේවාව කිසිදා නොමැකෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images