වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
අනතුරින් මිය ගිය පිරිස අතර 8 දෙනෙකු ළමුන් බවයි විදෙස් මාධ්‍යවල සඳහන්.
අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී තිබෙන බවයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙම අනතුර එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්ක ආශ්‍රිතව සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එහි සිටි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල්වල පිරිස් බවද සඳහන්.