රුසියාවට ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ පෙරදිග කම්චැට්කා කලාපයේ වෙරළ ආසන්නයේ අද (20) පෙරවරුවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝ මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇති පරිදි රික්ටර් මාපකයේ 7.4ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන තිබේ

භූ කම්පනයෙන් පසුව එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වී සඳහන් ව තිබේ.