රුසියාව සමග නව සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට අදාල යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි පවසයි.
ඉකුත් මාසයේ නවතා දමන ලද දෙපාර්ශවය අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම මෙහි අරමුණ වේ.
යුක්රේන ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු වන “රස්ටෙම් උමෙරොව්”, එළඹෙන සතියේ රුසියානු නියෝජිතයින් හමුවීමට නියමිත බව යුක්රේන ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි සදහන් කරයි.
රුසියාව විසින් යුක්රේනයට තවත් පුළුල් ගුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එම ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියේය.
දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පියවර ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
යුක්රේන ජනාධිපතිවරයා යළි කියා සිටියේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට තමාට දැඩි අවශ්‍යතාවක් පවතින බවයි.
දෙපාර්ශවය අතර සාමය සැබවින්ම සහතික කිරීම සඳහා දෙරටේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.