ජූලි මස මෙතෙක් සංචාරකයන් 98,765ක් මෙරටට

2025 ජූලි මාසය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 98,765ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) වාර්තා සඳහන් කරනවා.

මේ අතර, ජූනි මාසය සඳහා නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛන සමඟින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,266,809ක් වනවා.

ඔවුන් අතරින් 261,681 දෙනෙක් ඉන්දියාවෙන් වන අතර, 118,555 දෙනෙක් එක්සත් රාජධානියෙන් සහ 113,888 දෙනෙක් රුසියාවෙන් පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.