සීගිරියේ රක්ෂිතයක ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සීගිරිය, ඉනාමලු‍ව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ ගැටුමෙන් මිය ගිය පුද්ගලයා 55 හැවිරිදි පොල්පිතිගම. මොරොගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අදාළ වාඩියේ පාලකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.