සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව පරිසරයට, සමාජයට, එකිනෙකාට ආදරය කරන ව්‍යවසායකයින් රටට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් යෝජනා කරන ප්‍රතිසංස්කරණ තුළ එකම විෂයකට කොටු නොවුණු, සෑම විෂය සම්ප්රදායක් තුළින්ම ලබාගත හැකි දැනුම ලබාගෙන පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කර ඇති බවයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් අගමැතිවරිය සඳහන් කළේ.
ආර්ථිකය, ව්‍යවසායකත්වය, මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒවාද අධ්‍යාපන ක්‍රමය තුළ අඩංගු විය යුතු බවත්, ඒ තුළින් පරිපූර්ණ ශිෂ්ටත්වයකට රට ගෙන යාමට හැකි පුද්ගලයෙක් බිහි කිරීමට හැකිවනු ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.