වත්තලදී ඝාතනයට ලක්වූ තැනැත්තා ගැන කරුණු රැසක් හෙළිවෙයි

වෙඩිතැබීමකට අනුබල දුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රීයේ අදාළ පුද්ගලයා සිය දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබේනවා.

මියගිය පුද්ගලයා මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව සඳහන්.

ඔහු 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අදාල ඝාතනය සම්බන්දයෙන් සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට තිබෙනවා.