වත්තල – පල්ලියවත්ත ප්රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් පමණ දුරින් වූ බටහිර මුහුදේ ආපදාවට ලක්වූ ධීවර යාත්රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා.
ඔවුන් මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
පසුගිය 18 වනදා මෙම ධීවරයින් පිරිස පල්ලියවත්ත ප්රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර, අයහපත් කාලගුණයක් සමග ඔවුන් ගමන්ගත් යාත්රාව ක්රියා විරහිත වී තිබෙනවා.