ශ්‍රී ලංකාවේ වේගවත්ම මෝටර් රථ ධාවන ශූරයෙකු වන යෙවාන් ඩේවිඩ්, 2025 යුරෝෆෝමියුලා ඕපන් තරඟාවලියේ 5 වන වටයේ පළමු තරඟයෙන් අද (19) දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම තරඟය ප්‍රංශයේ Circuit Paul Ricard ධාවන පථයේදී පැවැත්වුණා.මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින්, මොටෝපාක් (Motopark) කණ්ඩායම නියෝජනය කරන යෙවන් ඩේවිඩ්, ධාවකයන්ගේ ශූරතාවලියේ පෙරමුණ යළිත් වරක් ලබාගෙන ඇති අතර, ඔහු දැන් ලකුණු 14ක වාසියක් හිමි කරගෙන සිටිනවා.
යුරෝෆෝමියුලා 5 වන වටයේ දෙවන සහ තෙවන තරඟ හෙට (20) පැවැත්වීමට නියමිතයි.