කටුනායක ගුවන් තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපොළ කළමනාකරණ අංශය ජනතාවට දැනුම් දෙනවා.
ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට හා ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි ගුවන් තොටුපොළ කළමනාකරණ අංශයේ ප්‍රධානී අරුණ රාජපක්ෂ පවසන්නේ.
ඒ අනුව, ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස දන්වා සිටින අතර, මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.
අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදු වුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි ගුවන් තොටුපොළ කළමනාකරණ අංශයේ ප්‍රධානී අරුණ රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.