සමගි ජන බලවේග කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ පුත්රයා වන රසික විතාන යන අයව අද (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරියට ලැබුණු තොරතුරක් මත පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා සහ නිලධාරී කණ්ඩායමක් විසින් මතුගම ප්රදේශයේදී යි.
හිරු ප්රවෘත්ති අප කළ විමසීමකදී වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරටට ආනයනය කළ නීති විරෝධී ලෙස එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව බවයි.
මෙම ජිප් රථය කොටස් එකලස් කළ එකක් බවත්, පසුව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.