සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ගල් ඉබ්බා’ අත්අඩංගුවට

මතුගම, බෝපිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් “ගල් ඉබ්බා” කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා මත එරටින් පිටුවහල් කර ඇති බවයි.

ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්න බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.