ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදෑසන සිය සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික අංශයේ සේවය කරන ලාංකික තරුණයින් 20ක් රැගත් බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
එම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර, බස් රථය ගිනි ගැනීමත් සමග එහි දොර අවහිර වීම නිසා බසයේ සිටි අය එහි ජනෙල් කඩා ඉවතට පැන ඇති බව සඳහන්.
එහිදී පාදයක් තුවාල වූ එක් අයෙකු රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි සඳහන් වන්නේ.
එම පුද්ගලයා හැර වෙනත් කිසිවෙකුට තුවාල හෝ හානි සිදුවී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.